dalada-maligawa-kandy
dalada-maligawa-kandy-srilanka
temple-of-the-tooth
dalada-maligawa-kandy
dalada-maligawa-kandy-srilanka
temple-of-the-tooth
previous arrow
next arrow


Warning: Trying to access array offset on value of type bool in /var/www/wptbox/wp-content/themes/infolanka/page-location.php on line 34

Warning: Trying to access array offset on value of type null in /var/www/wptbox/wp-content/themes/infolanka/page-location.php on line 34


 

දළදා මාලිගාව


මහනුවර කියන්නේ එක් පැත්තකින් ලංකාවට ඓතිහාසිකමය වශයෙන් වැදගත්කමක් තිබෙන වගේම අදටත් ලෝකවාසී බෞද්ධ ජනතාවට පරම පූජනීය නගරයක්. ඓතිහාසිකමය වශයෙන් වැදගත් වෙන්න හේතුව තමයි මහනුවර කියන්නේ ලංකාවේ නිල අවසන් රාජධානිය විදිහට පිළිගැනීම සහ බොහොමයක් ඉතිහාසගත සිදුවීම් සිදුවුණු නගරයක්වීම. අනිත් පැත්තෙන් බෞද්ධයන්ගේ වන්දනාමානයට ලක්වෙන්නට හේතුව වන්නේ ජීවමාන බුදුන් ලෙස ලෝකවාසී බෞද්ධ ජනතාව ඉමහත් ගෞරවයෙන් වැඳුම් පිදුම් සිදුකරන ශ්‍රී ධාතූන්වහන්සේ වැඩ ඉන්නේ මහනුවර නගරයේ වීමයි.

කොළඹ නගරයේ සිට කිලෝමීටර් 112ක පමණ දුරින් පිහිටලා තිබෙන මහනුවරට ඉංග්‍රීසි භාෂාවෙන් Kandy කියලා හඳුන්වන්න හේතුව විදිහට අපේ පැරැන්නෝ සඳහන් කරලා තියෙන්නේ මහනුවර ආක්‍රමණයට ආපු ඉංග්‍රීසී සේනාවන්ට ස්වදෙශීය ජනතාව ‘කන්ද‘ කියලා හඳුන්වපු මහනුවර සහ කඳුරට කලාපය ‘කන්ද‘ කියලා උච්ඡාරණය කරන්න බැරි නිසා Kandy කියලා හඳුන්වන්න පටන්ගත්තා කියලා. කොහොමවුනත් 1815 උඩරට ගිවිසුමෙන් ඉංග්රී්සීන් ලංකාවේ පාලන බලය අත්පත්කරගත් දවසේ ඉඳන් මහනුවර කියන්නේ ඔවුන් වැඩිපුරම අවධානයක් යොමුකරපු නගරයක්. අදටත් එහි තබෙන ඓතිහාසික ස්මාරක වලින් එය සනාථ වෙනවා.

මහනුවර දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ හිත ඉතා ඉහළින් දිනාගත් ස්ථානයක්. සම්පූර්ණයෙන්ම වාගේ කඳුවලින් වටවුණු පරිසරය, නුවර වැවේ ඇති සුන්දරත්වය, ගෘහ නිර්මාණ ශිල්පයෙන් උසස් ගොඩනැගිලි කලාව, සෞම්‍ය දේශගුණය නිසා මහනුවර කියන්නේ ඉතා හොඳ නැවතුම්පොළක්. මහනුවර නගරය ඉතාම කාර්යබහුල වෙන්නේ ඇසළ මාසයට හෙවත් ජූලි මාසටයි.ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍ය ය හෙවත් ලංකාවේ ඉහළම සංස්කෘතික මංගල්‍යය විදිහට පිළිගන්න දළදා පෙරහැර නරඹන්න ඉතා විශාල පිරිසක් මහනුවර නගරයට පැමිණෙනවා.

මේ ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන්ට දළදා මාලිගාවට අමතර බහිරව කන්ද, මහනුවර දෙගල්දොරුව විහාරය, ඇම්බැක්කේ, ගඩලාදෙණිය, ලංකාතිලක විහාරය වගේම පේරාදෙණිය උද්හිත උද්‍යානය නරඹන්නත් අවස්ථාව තිබෙනවා. ඒ වගේම ගන්නොරුව පැත්තට යනවනම් කෘෂි පර්යේෂණ මධ්‍යස්ථාන වගේම එහි නිෂ්පාදනය කරන සෞඛ්‍යයට හිතරකර පළතුරු සහ එළවළු ලබාගන්නත් පුළුවන්කම තිබෙනවා.

ප්‍රවාහන පහසුකම් අතින් ගත්තම කොළම සිට මහනුවරට දුම්රියෙන්, සාමාන්යථ මගී ප්‍රවාහන බස් රථයෙන් වගේම මෑතකදී හඳුන්වාදුන් සුඛෝපභෝගී බස් සේවාවක්ද සමන්විත වෙනවා. නුදුරු දිනකදී මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත වුණාම මහනුවරට එන එක තවත් ලේසි වෙනවා. කොහොම වුනත් මහනුවර කියන්නේ හැමදාමත් ලංකාවේ අභිමානය ලොවටම කියාපාන සොඳුරු නගරයක්.