About Us

Infolanka.lk වෙබ් අඩවිය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු නවතාවයකින් යුක්තව ලොවට ලබා දීමටයි.  ස්වභාවික සෞන්දර්යය සහ ඉතිහාසය යන අංශයන් මූලික කරගෙන ක්‍රියාත්මක වූ ඒම කරුණු වල ආකර්ෂණය මත, වෙබ් අඩවිය වෙත ලද ප්‍රතිචාර නිසා ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය වෙත යොමු විය.

විශ්මිත වූ ජෛව විවිධත්වයකින් යුතු ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය රැකගැනීමටත්, ඒ පිළිබඳව දේශීය මෙන්ම විදේශීයව දැනුවත් කිරීමටත්, ඒ හරහා ලංකාවේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධියට යම් දායකත්වයක් ලබා දීම අපගේ උත්සාහයයි.

ශ්‍රී ලංකාවේ සාක්ෂි සහිත ඉතිහාසය වසර ලක්ෂයකටත් එහා දිවයන්නකි. ඒ තුළ,
  ඉංජීනේරු තාක්ෂණය
  කෘෂි තාක්ෂණය
  යුධ ශිල්පය
  වෛද්‍ය විද්‍යාව
  සමාජ පාලන ක්‍රමෝපායන් සහ විධික්‍රම ආදී අතිශය ආකර්ෂණීය කරුණු රැසක්ම විවිධ මානයන්ගෙන් ගොනු කෙරිණි.

ඉහත ප්‍රධාන කරුණු දෙකෙහිම අන්තර්ගතයන් සදහා, දැනුම් පිපාසයක් ලොව තුල දැනටමත් නිර්මාණය වී ඇත. එම නිසාම විවිධ රටවල අනේකවිධ පුද්ගලයින් සහ ආයතන, එමෙන්ම සංවිධාන infolanka.lk වෙබ් අඩවිය පරිශීලනය කරන්නට විය.

එනයින් සමාජ සත්කාරයක් වශයෙන් ව්‍යාපාර ප්‍රචාරණය සහ ප්‍රවර්ධනට  infolanka.lk වෙබ් අඩවිය ට නිතැතින්ම අවස්ථාව උදා විය.  ඒ සඳහා වූ ව්‍යාපාර ප්‍රවර්ධන සහ ප්‍රචාරණ වැඩ පිළිවෙල පහත අයුරින් ගොඩනැගුණි.

ලොව පහසුම සහ ලාභදායීම  ප්‍රරචාරණය   ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට  ලබා දීම අපගේ තවත් උත්සාහයකි.

ශ්රී ලංකාව තුළ  ව්යාපාර ප්රවර්ධනයේ  දුෂ්කරතා

# වැඩි මුදලක් වැයවීම

# මුදල අවම කරගැනීමට උත්සාහ කිරීමේ දී වැඩි ශ්‍රමයක් සහ කාලයක් වැය කිරීමට සිදු වීම.

# ප්‍රචාරණය කරන පාරි පාරිභෝගික පිරිස  විශාල වන විට පිරිවැය, කාලය සහ ශ්‍රමය වැඩි වශයෙන් වැය කිරීම්ට සිදුවීම.

# සමහර ප්‍රචාරණ මාධ්‍යයන්  පරිසරයට සහ සමාජයට හිතකර නොවීම

ඉහත කිසිදු  දුෂ්කරතාවයක්  නොමැතිව දැන් infolanka.lk හරහා ප්‍රචාරණය සිදු කිරීමේ මංපෙත් විවර වී ඇත.

ව්‍යාපාරයේ  ප්‍රචාරණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වේ.

  1. පුද්ගල නාමයෙන් හෝ ව්‍යාපාර නාමයෙන් හඳුනන පාරිභෝගිකයින් අතර ප්‍රවර්ධනය.

  2. ඔබව කිසිසේත් නොහඳුනන පාරිභෝගිකයින් වෙත ඔබගේ ව්‍යාපාරය හඳුන්වා දීම.

ඉහත කාර්යයන් දෙකම එකවර  අප infolanka.lk වෙබ් අඩවිය මගින් ඉටුකරගත  හැක. මෙහිදී අදාල ව්‍යාපාර කාර්යය, යම් පාරිභෝගිකයෙක් ඔහුට අවශ්‍ය නගරය ඇතුලත්කර (google.com) ගූගල් හී සෙවීම්ක් කරයි නම් (google search)  ඔහුට දිස් වන පලමු වෙබ් පිටුවේම බොහෝවිට අපගේ වෙබ් අඩවිය ප්‍රදර්ශනය වේ .

නිදසුනක් ලෙස මංගල ඇදුම් සම්බන්ධ ව්‍යාපාරයක් නම්, සෙවීම් කරන  පාරිභෝගිකයා ගාල්ලේ නම්, ගූගල් (google.com) හී සෙවීම් සඳහා ටයිප් කරනුයේ  wedding dresses Galle, bridal sarees Galle, bridal frocks Galle හෝ bridal shops in Galle  වශයෙන් යනුවෙනි.  එවිට එම සෙවීම්ට අදාල පළමුවන පිටුවේ ම අපගේ infolanka.lk වෙබ් අඩවිය දිස්වේ.

මේ ආකාරයට,

Wedding Needs, kitchen & Pantry, Landscaping & Interlock, Gems & Jewellery, Rent A Car, Printing & Advertising, vehicle spare parts & interior, wood & furniture, party dresses & party items, IT & security, baby items, renting places, sports items ආදි ව්‍යාපාර ද, google.com  හී මුල්පිටුවේම දිස්වේ.

මෙම ප්‍රචාරණය ලොව නවතම  සහ වේගවත්ම ප්‍රචාරණ ක්‍රමයන්ගෙන් එකක් වන නිසා මෙමගින් පහත වාසි  ව්‍යාපාරයට  අත්වේ.

    #  ඉතා අඩු විය වියදමකින් ප්‍රචාරණය කළ හැකිවීම.
    #  වැඩි වේගයකින් ප්‍රචාරණය කළ හැකි වීම.
    #  අසීමිත පාරිභෝගික පිරිසක් අතර ප්‍රචාරණය කළ හැකි වීම.
    #  ප්‍රචාරණයේ දී පරිසර  දූෂණයක් හෝ සමාජයට   අවැඩදායී  කිසිවක් සිදු නොවීම.
    #  ප්‍රචාරණයට ඔබගේ කාලය සහ ශ්‍රමය වැය නොවීම.

මෙය එක් අතකින් මේ අසීරු අවස්ථාවෙන් මිදී ආර්ථිකය නගා සිටුවීමට කරන සමාජ සත්කාර‌්‍යක්ද වන්නේමය.  මන්ද infolanka. lk වෙබ් අඩවිය මේ සඳහා ඉතා අවම මුදල ක් අය කිරීම නිසාය. බොහෝ විට එය ලංකාව තුල  අවම මුදල ද විය හැකිය. (වසරක් සදහා  2000/=)

එම නිසාම infolanka.lk වේබ් අඩවියට,

ලංකාවේ පවතින අසීරු අවස්ථාවෙන් ව්‍යාපාර නගා සිටුවීමට ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය හරහා ඍජුවම දායක වීමට හැකි විය.

ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය ලෝකයට ගෙන ගොස් එමගින් ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ද දායක වීමට හැකි විය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය විචාරශීලීව විවරණ ය කර එමගින් ද එහි සැඟවුණු සහ අවධානය ට ලක් නොවූ වටිනාකම් පරිශීලකයිනට ලබා දීමට හැකි විය..

මේ නිසාම සමාජයට වැදගත් වන දෙයක් නිමවා ලබන අමිල වූ ආත්ම තෘප්තිය infolanka.lk වේබ් අඩවියට ලබා ගත හැකි විය..