ravana-ella
ravana-ella-srilanka
rawana-ella

Find Businesses In Ravana Ella


 

රාවණ රජුගේ ඉතිහාසය සැඟවී ඇති රාවණා ඇල්ල


රාවණ රජු පිළිබඳ ඉතිහාසය කියන්නේ ලංකාවේ වගේම ඉන්දියාවේ ජනතාවත් බොහොම කැමැත්තෙන් හොයලා බලන කතාවක්. රාවණා ඇල්ල පිහිටලා තියෙන්නේ රාවණ රජුගේ වාසභවන විදිහට භාවිතා කලා කියලා විශ්වාස කරන ලංකාවේ ඌව පළාතේ කඳුකර ප්‍රදේශවලට මැදිවයි. උසින් අඩි 82ක් පමණ වෙන රාවණා ඇල්ල ලංකාවේ පළලින් වැඩිම දියඇල්ල කියලත් එක් පැත්තකින් සලකන්න පුළුවන්.

කොළඹ ඉඳන් වැල්ලවාය නගරය හරහා ඇල්ල දෙසට ගමන් කරන කෙනෙක්ට, එහෙමත් නැත්නම් රත්නපුර-හපුතලේ-ඇල්ල මාර්ගය හරහා රාවණා ඇල්ලට පිවිසෙන්නත් පුළුවන්. මාර්ගය ආසන්නයේම පිහිටා තිබෙන නිසා සංචාරකයන්ට පහසුවෙන්ම නරඹන්න අවස්ථාව තිබෙනවා. වර්තමානය වෙද්දි ඇල්ල-වැල්ලවාය ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වේගයෙන් වර්ධනයවීම එක්ක රාවණා ඇල්ල නරඹන්න එන පිරිසත් වර්ධනයවී තිබෙනවා. ඒ නිසාම රාවණා ඇල්ල ආශ්‍රිත මාර්ගය දෙපස විවිධ ආකාරයේ කඩ සාප්පුත් ඒ වෙනුවෙන්ම නිර්මාණයවී තිබෙනවා.

 


ඌව පළාතේ කඳුකරයට උරුම සොඳුරු පාරිසරික ලක්ෂණවලින් පොහොසත් රාවණා ඇල්ල ආශ්‍රිත ප්‍රදේශය කාලයකදි ඉතා ශීත දේශගුණයක් නිසා සංචාරකයන් බොහොම කැමැත්තෙන් කාලය ගතකරන්න සුදුසුම තැනක් තමයි ඇල්ල කියන්නේ. මේ ඇල්ල ප්‍රදේශයට ඒ නම ලැබී ඇත්තෙත් රාවණා ඇල්ල නිසාම විය හැකියි. ඇල්ල, වැල්ලවාය, බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවල සංචාරයට යන ඔබට රාවණා ඇල්ල නරඹන්න අවස්ථාව තිබෙනවා. මේ ආසන්නයේම දියලුම සහ තව ටිකක් දුරට වෙන්න දුන්හිඳ ඇල්ලත් පිහිටා තිබෙන නිසා එකම දිනකදි මේ සොදුරු දියඇලි තුනම දැකගන්න සංචාරක ඔබට පුළුවන්.

ඒ වගේම මේ ආසන්නයේ පිහිටා තිබෙන රාවණා ගුහාව විදේශ සංචාරකයන් පවා නරඹන්නට පැමිණෙන තැනක්. අතීතයේ රජකල රාවණ රජු දීර්ඝකාලීන නින්දක යෙදී සිටින්නේ මේ ගුහාවේ අභ්‍යන්තරයේ කියලා ලංකාවේ ඇතැම් පිරිසක් විශ්වාස කරනවා. ඒ නිසා රාවණා ගුහාව දකින්නට පැමිණෙන පිරිසත් බොහොම වැඩියි.