horton-plains
horton-plains-srilanka
srilanka-hortan-plains
horton-plains
horton-plains-srilanka
srilanka-hortan-plains
previous arrow
next arrow


Warning: Trying to access array offset on value of type bool in /var/www/wptbox/wp-content/themes/infolanka/page-location.php on line 34

Warning: Trying to access array offset on value of type null in /var/www/wptbox/wp-content/themes/infolanka/page-location.php on line 34


 

හෝර්ටන් තැන්න


ලංකාවේ පිහිටි සුන්දරතම ජාතික වනෝද්‍යානය වගේම සොබා සෞන්දර්යයෙන්, ජෛව විවිධත්වයෙන් අනූන වනෝද්‍යානයක් විදිහට හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය හඳුන්වන්න පුළුවන්.  බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි හෝර්ටන් තැන්නේ සංචාරය කරද්දි ඇත්තටම මේක ලංකාවද කියලා හිතෙන තරමට පුදුමාකාර හැඟීමක් දැනෙනවා කියන එක. විශේෂයෙන්ම කර්කශ නාගරික වටපිටාවෙන් මිදිලා සංචාරයකට යනවනම් හෝර්ටන් තැන්න කියන්නේ ඔබ තෝරාගත යුතු හොඳම තැනක්. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 7500ක් උසින් පිහිටා තිබෙන හෝර්ටන් තැන්න එක් පැත්තකින් ලංකාවේ ඉහළම තැනක පිහිටි ජාතික වනෝද්‍යානයද වේ. අනිත් පැත්තෙන් ලංකාවට ආවේණික සතුන් වගේම ලංකාවේ අනිත් වනෝද්‍යානවල දකින්න නොලැබෙන සතුන් වර්ග විශාල සංඛ්‍යාවක් දැකගන්න පුළුවන් තැනක් තමයි හෝර්ටන් තැන්න. කඳුකර ගෝනා, මුවා, දිවියා,දඬුලේනා විශේෂයි. සීත පළාත්වල සුවයට හුරුවුණු කුරුළු විශේෂ ගණනාවක් මෙහිදී දැකගන්න පුළුවන්. ඒ විතරක්ම නෙවෙයි හෝර්ටන් තැන්න උද්‍යානය තුලදි හිත ඇදගන්න ජල තටාක, පොකුණු, දිය ඇළි, දිය අගල් බොහොමයක් පිහිටා තිබෙනවා.

විශේෂ තෙත් කලාපීය භූ ලක්ෂණ හරි අපූරුවට මෙහිදී දැකගන්න පුළුවන්. ලෝකයේම සංචාරකයන්ගේ අවධානය දිනාගාත් ලෝකාන්තය (World’s End) මෙහිදී දැකබලාගන්න පුළුවන්. එයත් බොහොම අපූරු අත්දැකීමක්. ඇතැම් සංචාරකයන්ගේ වැරදි ක්‍රියා නිසා මේ පරිසර පද්ධතියට විවිධ හානි සහ අපවිත්‍රවීම් සිදුවෙලා තියෙනවා දැකගන්න පුළුවන්. ඔබ සංචාරය කරනවනම් මෙහි ඔබේ පා සටහන් පමණක් තියා මතක පමණක් රැගෙන එන්න අමතක කරන්න එපා.

ඔහිය නගරයේ ඉඳන් යන සංචාරකයෙක්ට කිලෝමීටර් 6ක් පමණ දුරගෙවා හෝර්ටන් තැන්නට යන්න පුළුවන්. නුවරඑළිය නගරයේ ඉඳන් එනවනම් කිලෝමීටර් 32ක දුර ගෙවන්න සිදුවෙනවා. හෝර්ටන් තැන්න වනෝද්‍යානය තුලදි ඈතින් ශ්‍රී පාදය නරඹන්නත් පුළුවන්. මේ සුන්දර පරිසරය තුල පා ගමනින් කරන සංචාරය සෆාරි ගමනකට වඩා හරි අපූරුයි වගේම වින්දනීයයි. ඒ නිසා පාගමනින් කරන සංචාරයකට අවශ්‍ය දේ රැගෙන එනවනම් වඩාත් හොඳයි.