diving-and-snorkeling1
hikkaduwa
maxresdefault
47739f3221949c7
Pljazh_Hikkaduva_5
people-glass-bottom-boat-great-barrier-reef-tours
diving-and-snorkeling1
hikkaduwa
maxresdefault
47739f3221949c7
Pljazh_Hikkaduva_5
people-glass-bottom-boat-great-barrier-reef-tours
previous arrow
next arrow

Find Businesses In හික්කඩුව


 

හික්කඩුව


සාමාන්‍යයෙන් ලංකාවට සංචාරයකට ආපු විදේශිකයෙක්ගෙන් ලංකාවේ වඩාත්ම හිත ගත්ත ස්ථාන කීපයක් ගැන ඇහුවොත් අනිවාර්යයෙන්ම ඒ අතරේ හික්කඩුව (Hikkaduwa) නම තිබෙනවාමයි. මොකද ඒ තරමටම හික්කඩුව සංචාරකයන්ගේ සිත් දිනාගත්ත ස්ථානයක්. විදේශිකයන්ගේ විතරක් නෙවෙයි දේශීය සංචාරකයන්ටත් හික්කඩුව කියන්නේ සොඳුරු සංචාරක ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන් තැනක්.

කොළඹ නගරයේ ඉඳන් කිලෝමීටර් 98ක් දුරින්, ගාල්ල නගරයේ සිට එනවනම් කිලෝමීටර් 12 ක් දුරින් පිහිටලා තිබෙන හික්කඩුවට ආසන්නම අධිවේගී අන්තර්හුවමාරු ස්ථානයක (Highway Interchange) වෙන්නේ බද්දේගම. එතැන ඉඳන් කිලෝමීටර් 8ක පමණ දුරක් ගතකරලා හික්කඩුවට එන්න පුළුවන්. හික්කඩුව ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානතම හේතුව තමයි එහි තිබෙන සුන්දරතම වෙරළ. ලංකාවේ අතිශයින්ම දැකුම්කළු වෙරළ කලාප අතරේ හික්කඩුව ඉහළින්ම ඉන්නවා. ඒ විතරක්ම නෙවෙයි, හික්කඩුව ප්‍රදේශය පිහිටා තිබෙන පහතරට තෙත් සහ වියළි අතරමැද දේශගුණික තත්වය නිසා කාලයකට බොහොම සීතල සුළං සහ වැසි සහිතවීමත්, තවත් කාලයකට ඉතා උණුසුම් හිරුරැස් වලින් ශරීරය උණුසුම් කරගන්න හොඳම ප්‍රදේශයක් විදිහට හික්කඩුව සලකන්න පුළුවන් වීමත් වගේ හේතු නිසයි.

වෙරළ තීරයේ බොහොමයක් අධි සුඛෝපභෝගී තරු පන්තියේ හෝටල් සිට පුංචි Home stay දක්වාම වෙන නවාතැන් සාධාරණ මිලට ඇති නිසා දේශීය සංචාරකයන් පවා හික්කඩුවට බොහොම ප්‍රියතාවයක් දක්වනවා. වෙරළේ විවිධ උත්සව, තරඟ පැවැත්වෙන කාලවලට හික්කඩුව බොහොම සැණකෙළි සිරියක් උසුලනවා. විශේෂයෙන්ම සංචාරකයන් වැඩි නොවැම්බර්,දෙසැම්බර්,ජනවාරි වගේ කාලවලදි හික්කඩුව නොනිදන නගරයක් බවට පත්වෙනවා.

තවත් වැදගත් දෙයක් තමයි රළ මත ලිස්සා යාම හෙවත් Surfing වලට හික්කඩුව කියන්නේ බොහොම ආරක්ෂිත ස්ථානයක්. ගල්පර අඩු මුහුදක් පිහිටා තියන නිසා Surfing, Sea diving වගේම අවශ්‍යනම් පුංචි බෝට්ටු සවාරියකට වුනත් හික්කඩුවට එන ඔබට අවස්ථාව තියනවා.

හික්කඩුවට එන සංචාරකයන්ට දැකබලාගන්න පුළුවන් තවත් වැදගත් ස්ථාන කීපයක් තිබෙනවා. එයින් එකක් තමයි ඓතිහාසික සීනිගම දේවාලය, තෙල්වත්ත නව බුදු පිළිමය, තෙල්වත්ත සුනාමි සැමරුම් කෞතුකාගාරය වැනි ස්ථාන. ඒ විතරක්ම නෙවෙයි සැළලිහිණි සංදේශ රචනා වුණ ස්ථානය සහ එය රචනා කල කතෘවරයා වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැඩවිසූ තොටගමුවේ විජයබා පිරිවෙණත් දැකබලාගෙන දැනුමට යමක් එකතුකරගන්න ඉඩකඩ තිබෙනවා. එහෙම බලද්දි හික්කඩුව කියන්නේ ඇත්තටම ගත සිත දෙකම නතරවෙන තැනක් කිව්වොත් හරියටම හරි.