garandi-ella
garandi-falls-srilanka

Find Businesses In ගැරඬි ඇල්ල


 

ගැරඬි ඇල්ල


ලංකාවේ ගැරඬි ඇල්ල නමින් දිය ඇලි කිහිපයක්ම ඇති අතර ඉන් එකක් නුවරඑළිය නගරය ආසන්න වන්නට පිහිටා ඇත. අපි මේ කියන්නාවූ ගැරඬි ඇල්ල පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කය තුලය. මහනුවර නගරයේ සිට මහියංගනය මාර්ගයේ තෙල්දෙණිය, මැදමහනුවර, හුන්නස්ගිරිය සීමාව පසුකරමින් ගමන් කරද්දී මාර්ගයේ වම් පසට වන්නට පිහිටා ඇති හුන්නස්ගිරිය සහ කන්දේගම කඳු පන්තිය අතරින් දිස්වෙන දිය ඇල්ල හඳුන්වනු ලබන්නේ කළුගල ගැරඬි ඇල්ල යනුවෙන්ය.     ආසන්න වශයෙන් අඩි 787ක් උසින් යුක්ත ගැරඬි ඇල්ලට මේ නම ලැබෙන්නට ඇත්තේ එය කඳු පන්තිය මැදින් ගලා හැලෙන ආකාරය ඈතට දිස්වන්නේ ගැරඬියෙක් වැනි සර්ප කුලයේ සත්වයෙක් ගමන් කරන්නාක් වැනි ආකාරයට වීමා නිසාය. ඉතා උසින් වැඩි දියඇල්ලක්වන ගැරඬි ඇල්ලට ලඟාවීමට ඉතා දුෂ්කර මාර්ගයක ගමන් කල යුතුය. මහනුවර මඩවල හරහා නාරම්පනාව පසුකරමින් කලුගල දෙසට ගමන් කිරීමේදී ගැරඬි ඇල්ලට ප්‍රවේශවන මාර්ගය සොයාගැනීමට සංචාරක ඔබට හැකියාව ලැබෙනු ඇත. බොහෝවිට මේ ප්‍රදේශයේදී සාධාරණ මුදලකට මාර්ගෝපදේශකයෙක් වුවද සම්බන්ධ කරගැනීමට ඔබට හැකියාව ඇත. නකල්ස් කඳුවැටිය ආශ්‍රිත වනෝද්‍යානය තුල පිහිටා ඇති ගැරඬි ඇල්ල වර්ෂාව අධික කාලවලදී ඉතා මනරම් ආකාරයෙන් ගලායන්නේ දකින සංචාරකයන්ගේ හිත් පිනායන ආකාරයෙන්ය. නකල්ස් රක්ෂිතය ආසන්න ප්‍රදේශයට උරුම සොඳුරු භූවිද්‍යාත්මක  ලක්ෂණවලින් අනූන වීම ඝන වනාන්තරය තුල හරිත වටපිටාවකින් ගලාහැලෙන ගැරඬි ඇල්ලේ පාමුලට ප්‍රවේශය ඉතා අසීරුය. ඒ ගමන අතරතුර විවිධ වර්ගයේ සතුන් ද හමුවනු ඇත. කොටස් හතරකින් යුත් දිය ඇල්ලක් ලෙස ගලාහැලෙන ගැරඬි ඇල්ල කළුගල ප්‍රදේශයේ ඉපැරණි කෘෂිකාර්මික බිම්වලට ජලය රැගෙන යයි. ඉතා සොඳුරු හෙල්මලු ක්‍රමයට වගාකරන ලද කුඹුරු බහුලව ඇති කළුගල ප්‍රදේශයේ සංචාරයද ගැරඬි ඇල්ලේ සංචාරය අතරතුරම සිදුකල හැකිවීම නිසා එය සංචාරක ඔබට අමතර වාසියක් වනු ඇත. සැබවින්ම වැස්ස සරු කාලයට ඔබ කළුගල ගැරඬි ඇල්ල නැරඹිය යුතුම නිර්මාණයක් බවට තර්කයක් නැත.