galle-fort-srilanka
galle-fort-sri-lanka
galle-fort-heritage
galle-fort-srilanka
galle-fort-sri-lanka
galle-fort-heritage
previous arrow
next arrow

Find Businesses In Galle Fort


 

ගාලු කොටුව


කොළඹ ඉඳන් A2 හෙවත් කොළඹ-මාතර-වැල්ලවාය පාරේ කිලෝමීටර් 115 ක් දුරින් පිහිටලා තියන ගාල්ල කියන්නේ ලෝක උරුම නගරයක්. ගාල්ල නගර මධ්‍යයේ මුහුදට යාබදව නිර්මාණය වෙලා තියන ඓතිහාසික කොටු පවුර සහ කොටුව තුල ඇති ඕලන්ද යුගයේ ස්මාරක නිසා ගාල්ල රැකගත යුතු නගරයක් ලෙසට නම්කරලා තියනවා. 2004 සුනාමි ව්‍යවසනයෙන් බොහෝ හානි සිදුවුණු ගාල්ල නගරය නැවත්ත ඉක්මණින් යථා තත්වයට පත්කරන්න පුළුවන් වුනෙත් ඒ නිසාම තමයි. ගාල්ල දේශීය වගේම විදේශීය සංචාරකයන්ගේ හිත් බොහොම තදින් වෙලාගත්ත තැනක්. බොහොම රමණීය වෙරළ කලාපය සහ උණුසුම් දේශගුණය නිසා ගාල්ල ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල දායකත්වයක් ලබාදෙන පුරවරයක්. ඉර බැහැගෙන යන වෙලාවට ගාලු කොටුවේ ඉඳගෙන මුහුද දිහා බලාගෙන ඉන්නත්, රාත්‍රි කාලයේ පැරණි එංගලන්තය වගේ ස්වභාවයක් ගන්න ගාලු කොටුවේ ඇතුල් වීදිවල කඩ සාප්පු නිවාස අතරින් ඇවිදගෙන යන්නත් ගාල්ල නගරයට එන සංචාරකයින් බොහොම කැමැතියි. ගාල්ල නගරයට කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටි රූමස්සල කඳුවැටිය සහ Jungle Beach එකට සවාරියක් යන්න පුළුවන් නිසාත්, උණවටුන සහ වැල්ලේ දේවාලයටත් වැඩි දුරක් නැති නිසාත් හෝරාවක වගේ කාලයකින් සිංහරාජ වනාන්තරයට පිවිසෙන්න පුළුවන් නිසාත් ගාල්ල කියන්නේ පරිපූර්ණ සංචාරයකට අවශ්‍ය සියලුම සාධක තියන තැනක්. ලංකාවට එන විදේශීය සංචාරකයන් අතරින් වැඩි පිරිසකගේ අනිවාර්ය නවාතැනක් විදිහට ගාල්ල හඳුන්වන්න පුළුවන්. බොහොමයක් දෙනෙක් කැමැත්තක් දක්වන මුහුදු ආහාර (Sea Food) වර්ග රසට උයන සහ කෑමට ගන්න පුළුවන් තැනක් විදිහට ගාල්ල සුප්‍රසිද්ධයි. ලංකාවේ අනිත් ප්‍රදේශවලට වඩා දකුණේ ආහාර පිසීමේදී කුළුබඩු ඉතා රසවත්ව සහ ටිකක් වැඩිපුර යොදාගන්න නිසා සංචාරකයෝ මේ ආහාර රසටය ගාල්ලට ඇදිලා එන එක සුලබ දෙයක්. ගාල්ල සංචාරය අතරතුරේ බොහොම මතක හිටින දේවල් මිලට ගන්න එහෙමත් අවස්ථාව ලැබෙනවා, ගාල්ලේ ඉඳන් කිලෝමීටර් 12ක් දුරින් තියන කොග්ගල පැත්තට එහෙමත් යනවනම් බතික්, මැටි, රේන්ද වගේ නිෂ්පාදන ඕනෑතරම් මිලට ගන්න අවස්ථාව ලැබේවි.