galpotha
galpotha-polonnaruwa
gal-potha-stone-book-polonnaruwa-srilanka


Warning: Trying to access array offset on value of type bool in /var/www/wptbox/wp-content/themes/infolanka/page-location.php on line 34

Warning: Trying to access array offset on value of type null in /var/www/wptbox/wp-content/themes/infolanka/page-location.php on line 34


පොළොන්නරුවේ ගල්පොත සෙල්ලිපිය

ගල්පොත නොහොත් ගලින් කල පොත යන්න යොදා හඳුන්වනු ලබන්නේ එක් පැත්තකින් ගත්කල ලංකාවේ රජරට ඓතිහාසික රාජ්‍යයේ විශිෂ්ටතම උරුමයන්ගෙන් එකකි. පො‍ෙළාන්නරුවේ පුරාවිද්‍යා ස්මාරකයන් අතරේ ඉතා වැදගත් තැනක් හිමිවෙන ගල්පොත සෙල්ලිපිය ලංකාවේ මෙතෙක් හමුවී ඇති විශාලතම සෙල්ලිපිය ලෙසද සැලකේ. මෙය දිගින් මීටර් 8.2 ක් සහ පළලින් මීටර් 1.4 ක් පමණ වන අතර අඩි දෙකක පමණ ඝනකමින් යුක්ත ය. බරින් ටොන් 25කට ආසන්න වන මෙම ගල්පොත සෙල්ලිපිය ලිවීමට භාවිතා කර ඇති ගල් කුට්ටිය අනුරාධපුරයේ මිහින්තලය ප්‍රදේශයෙන් රැඟෙන ආ බවට සඳහනක් ඇත.

පොළොන්නරු යුගයේ රජකල නිශ්ශංකමල්ල රජුගේ ජීවින චරිතයේ විශේෂ අංග පිළිබඳ සහ රජු විසින් කරන ලද සේවාවන් පිළිබඳ වර්ණනාවක් මෙම ගල්පොත සෙල්ලිපියේ සඳහන් කර තිබෙන බවට පුරාවිද්‍යඥයින්ගේ මතතයි. පශ්චාත් යුගයේ බ්‍රාහ්මීය අක්ෂර සහ ප්‍රකෘති අක්ෂර සංයෝගයකින් මෙම සෙල්ලිපිය ලියා තිබේ. පොළොන්නරුවේ පුරාවිද්‍යා ස්මාරක වැඩිම ප්‍රමාණයක් පිහිටා ඇති අදාහන මළුවේ ඇති හැටදාගෙය සහ සත්මහල් ප්‍රාසාදය ආසන්නයෙන් තබා ඇති මෙම ගල්පොත සෙල්ලිපියට අතීතයේ පියස්සක් සවිකොට තිබූ බවට සාධක ඇත. එසේම මෙම ගල්පුවරුවේ කොටා ඇති අකුරු මතට කුමක් හෝ ලෝහ වර්ගයක් ඔබ්බවා තිබුණු බවට සලකුණු ඇති නිසා මෙය ඉතා සුවිශේෂී සෙල්ලිපියක් ලෙස අවබෝධකරගත හැකිය.

සෙල්ලිපිය වටා කොටසේ විවිධ ගල් කැටයම්, රටා වලින් යුක්ත වන අතර ඇතුන් දෙදෙනෙක් සහ කාන්තාවක් සහිත කැටයම ඉතා මනස්කාන්තය.

පොළොන්නරුව නගරයේ සංචාරයක් අතරතුර ඉතා පහසුවෙන්ම මෙම ගල්පොත සෙල්ලිපිය නැරඹීමට අවස්ථාව හිමිවන අතර ඒ සමගම හැටදාගෙය, වටදාගෙය, අටදාගෙය, නිශ්ශංක ලතා මණ්ඩපය, සත්මහල් ප්‍රාසාදය වැනි ස්ථානද නැරඹීමට හැකියාව තිබේ.

මෙම සෙල්ලිපිය රඳවා ඇති ස්ථානයට නුදුරින් පරාක්‍රම සමූද්‍රය, පරාක්‍රමබාහු පිළිමය,පොත්ගුල් විහාරය දැකගත හැකිවේ. ඒ නිසා පොළොන්නරුවේ නටඹුන් අධ්‍යයනය කරන්නෙක්ට මෙම සංචාරය ඉතාම වැදගත් වේ. සංචාරක පුරවරයක් ලෙස සියළු පහසුකම් සහිත පොළොන්නරුවේ නටඹුන් නැරඹීමට වසරකට ඉතා විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙති. ඒ අතරින් බොහෝ දෙනෙක් මේ ගල්පොත සෙල්ලිපිය නරඹා අතීත නිර්මාණකරුවාගේ හැකියාව පිළිබඳ විශ්මයට පත්වීම සාමාන්‍ය සිදුවීමකි.

ලේඛන කලාවේ ඓතිහාසික ප්‍රගමනය පිළිබඳ ගල්පොත සෙල්ලිපිය යනු ඉතා වටිනා මෙන්ම සංරක්ෂණය කොට තැබිය යුතු වස්තුවක් බවට සැකයක් නැත. ගල්පොත සෙල්ලිපිය සේම තවත් සෙල්ලිපි විශාල ප්‍රමාණයක් පොළොන්නරුවේදී දැකගැනීමට හැකිවේ.