bambarakanda-ella
bambarakanda-ella-srilanka
bambarakanda-ella-sri-lanka

Find Businesses In බඹරකන්ද ඇල්ල


 

බඹරකන්ද ඇල්ල


ලංකාවේ උසම දියඇල්ල කුමක්ද කියා කුඩා දරුවෙක්ගෙන් ඇසූවද ලැබෙන පිළිතුර වනුයේ බඹරකන්ද දියඇල්ල බව නොඅනුමානය. දකුණු ආසියාවේ දියඇලි වලට  සුප්‍රසිද්ධම රටක් ලෙස සංචාරකයන්ගේ ආකර්ශණය නොමදව හිමිකරගත් ශ්‍රී ලංකාවට බඹරකන්ද දියඇල්ල යනු මහර්ඝ සම්පතකි. බදුල්ල දිස්ත්‍රික්කයේ, කළුපහන ප්‍රදේශයේ, කළුපහන-ඔහිය මාර්ගයට යාබදව පිහිටාඇති බඹරකන්ද ජීවිතේ එක්වරක් හෝ ඔබ නැරඹිය යුතුම දියඇල්ලකි. උසින් මීටර් 241 ක් හෙවත් අඩි 790ක උසින් යුක්ත මෙම දියඇල්ල ලෝකයේ දියඇලි අතර උසින් 299 වැනි ස්ථානයේ පසුවේ. උසින් පමණක් නොව එහි ස්වභාවයෙන්ද දුටුවන් නෙත් සිත් පැහැරගන්නා මෙම දිය ඇල්ල වාර්ෂිකව සංචාරකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නැරඹීමට පැමිණෙන ස්ථානයකි. සුපිරිසිදුම දිය උල්පත්වලින් සමන්විත ශ්‍රී පාද අඩවියෙන් ඇරඹෙන වලවේ ගංඟාවේ එක් අතුගංඟාවක් වන කුඩා ඔය බඹරකන්ද දියඇල්ලට පෝෂණය සපයයි. ඒ නිසාම බදුල්ලට උරුම හරිත සොබාවන් එක්කල සොබාදහමේ අපූරු නිමැවුමක් ලෙස බඹරකන්ද දියඇල්ල සැලකිය හැකිය.     කොළඹ සිට ගමන් කරන සංචාරක ඔබට රත්නපුර-බෙලිහුල්ඔය හරහා බෙරගල දෙසට දිවෙන මාර්ගයේ කළුපහන මංසන්ධියෙන් හැරී ඔහිය දෙසට කිලෝමීටර් 3 කට ආසන්න දුරක් ගමන් කලවිට බඹරකන්ද දියඇලි කොමළිය දැකගැනීමට ඔබට හැකියාව ලැබේ. හෝර්ටන් තැන්න ජාතික වනෝද්යාගනයට අයත් භූමියේම කොටසක සිට ඇදහැලෙන බඹරකන්ද වර්ෂයේ වැඩිකාලයක් පුරාම අඩුවක් නොමැතිව ජලය කඩාහැලෙන්නේ අපූර්ව රටා මවමින්ය. ඉතාමත් සුන්දර ප්‍රදේශයක කේන්ද්‍රව පිහිටා ඇති බඹරකන්ද දියඇල්ල නරඹන්නට පැමිණෙන සංචාරකයන්ට ඒ ආසන්නයේ පිහිටි හෝර්ටන් තැන්න ජාතික වෙනා්ද්‍යානය, ලෝකාන්තය, හපුතලේ ඇඩිෂම් බංගලාව සහ ලිප්ටන් වතුයාය මෙන්ම ඉදල්ගස්සහින්න සහ ඔහිය සොඳුරු දුම්රිය ස්ථානද නැරඹීමට හැකියාව ලැබෙනු ඇත. ඒ නිසාවෙන් බඹරකන්ද සංචාරය එක් දිනකට පමණක් සීමාකල හැකි එකක් නොව දින කීපයක්ම සීතල බදුල්ලේ ගතකිරීමට සැලසුම්කරගෙන යන ගමනක සොඳුරුතම අත්දැකීමක් වනු ඇත. මෑතකාලීනව සංචාරකයන්ගේ විවිධ අහිතකර ක්‍රියා නිසා මේ පරිසර පද්ධතියට බොහෝ හානි සිදුවී ඇත, ඒ නිසා සොදුරුබව විඳින අතරම එය මතුපරපුර වෙත රැකදීමටද ඔබේ වගකීම ඉටුකරන්න.