ඔබගේ දරුවාට උණද? එසේ නම් මේ ගැනත් දැනගන්න

අපගේ ශරීර උශ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළගිය ව්ට එනම් (37.5c/99.5F ට වැඩි වු විට )උණ ලෙස හදුන්වනු ලැබේ. උණ රෝගයක් නොවේ. බොහෝ දෙනෙක් එය රෝගයක් ලෙස සිතුවත් එය රෝග ලක්ෂණයක් පමණකි. එනම් අපගේ ශරීර අභ්‍යන්තරයේ හටගන්නා රෝගයක මතුපිටට පෙනෙන එක් රෝග ලක්ෂණයක් ලෙස උණ හැදින්විය හැක.

 

උණ හටගන්නේ ඇයි……..?

උණ නිසා ශරීර අභ්‍යන්තරය අධිකව ක්‍රියාකරී වෙයි. එවිට ශරීර උෂ්ණත්වය ඉහළ යැම නිසා උණ හට හනී. බහුල වශයෙන් උණ හටගන්නේ සෙම්ප්‍රතිෂාව වැනි වෛරස් ආසාදන නිසාය. මීට අමතරව මුත්‍රා පැසවූ විට, තුවාලයක් ඇති වූ විට උණ හට ගනී.උණ ඇති වීමට හේතු බොහොමයක් සරල වුවත් නියුමොනියාව වැනි සංකීර්ණ රෝගී තත්වයන්හිදී මෙන්ම සමහර රුධිරය ආශ්‍රිත පිළිකා තත්වයන්හිදී ඔබගේ දරුවාට උණ වැළදිය හැක. එමනිසා දරුවාට නිතර නිතර උණ සෑදේ නම් හො දිගට පවතින උණක් ඇති නම් ඉතාමත් සැළකිලිමත් විය යුතුය.

දරුවාට උණ සෑදුන විට ඔබ කළ යුතු දෑ සහ නොකළ යුතු දෑ කවරේද………

කළ යුතු දෑ

    උෂ්ණත්වමානයක් උපයෝගී කරගෙන උණ ඇති දැයි නිවැරදිව තහවුරු කරගන්න.
    දරුවාට සැහැල්ලු ඇඳුමක් අන්දවන්න.
    උණ ගොඩාක් වැඩි (100F) දරුවාහේ ඇඳුම් සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කරන්න.
    තෙත රෙදි කබැල්ලක් ගෙන කිහිළි, ඉකිළි සහ නළල තෙමන්න.
    දරුවා සිටින කාමරයේ උෂ්ණත්වය අඩුවන සේ ජනේල සහ දොරවල් විවෘත කරන්න.
    විදුලි පංකාවක් ක්‍රියාත්මක කරන්න.
    වැඩිපුර දියර වර්ග දරුවාට ලබා දෙන්න. මෙමගින් උණ නිසා ඇති වන විජලනය අඩු වෙයි. උණ අඩුවීමටද එය උපකාරී වෙයි.
    දිරවීමට පහසු සැහැල්ලු ආහාර පමණක් ලබා දෙන්න.
    දරුවාගේ බර අනුව පැරසිටමෝල් මාත්‍රාවක් ලබා දෙන්න.
    පැය 24 ට වඩා දරුවාට උණ පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.බිළිඳු දරුවෙක් නම් හෝ උණ අධික ලෙස පවතී නම් එනම් 104 ට වැඩි නම් පළමු දිනයේම වෛද්‍ය වරයකු හමුවිය යුතුය.
    උණ සමඟ දරුවාට පහත රෝග ලක්ෂණ පවතී නම් ඉතා ඉක්මනින්ම වෛද්‍යවරයකු හමුවිය යුතුය.
    සමේ රතුපැහැ ලප
    හුස්ම ගැනීමේ අපහසුතාව
    මුත්‍රා දැමීමේ අපහසුතාව සමග මුත්‍රා දැවිල්ල
    අධික හිසරදය
    හිසේ තෙල්වල ප්‍රදේශය ඉහලට නෙරා තිබීම
    අධික වමනය හෝ පාචනය
    සිහිමඳ ගතිය
    උදරයේ පහළ කොටසේ වේදනාව

නොකළ යුතු දෑ

    වෛද්‍යවරයකු හමු නොවී දරුවා නිවසේ තබාගෙන අත්බෙහෙත් ආදී තමන්ට රිසි ප්‍රතිකාර කිරීම.
    දරුවාට අධික ලෙස රෙදි පොරවා තැබීම.
    ශරීරය වෙහෙසවන ක්‍රියාවල යෙදවීම.
    පැරසිටමෝල් මාත්‍රාවක් ලබාදී නියමිත කාලය ගතවීමට පෙර නැවත මාත්‍රාවක් ලබා දීම.
    උණ වළිප්පුව සෑදුනවිට යම් යම් ලෝහ කැබලි හෝ නොයෙක් ද්‍රව්‍ය දරුවාගේ මුඛයට ඇතුලුකිරීමට උත්සාහ කිරීම.

ප්‍රතිකාර ගැනීමෙන් පසුවත් උණ දිගට පවතී නම් ඔබ කළ යුත්තේ කුමක්ද…..

වෛද්‍යවරයා ලබා දෙන ප්‍රතිකාර නිසි පරිදි ගැනීම ඉතාම වැදගත් වේ.ප්‍රතිකාර නියමිත පරිදි ගත්තද උණ අඬු නොවේ නම් නැවත වෛද්‍යවරයා හමුවී නැවත දරුවා පරීක්ෂා කරගන්න.
මූලික රුධිර පරීක්ෂණ (එනම් FBC,CRP )සමඟ මුත්‍රා පරීක්ෂාවක් (UFR)කළ යුතුය.
ඩෙංගු උණ යැයි ඔබට සැකයක් ඇති නම් හෝ වෛද්‍යවරයා එසේ පැවසුවහොත් ඩෙංගු සඳහා ඇති විශේෂිත රුධිර පරීක්ෂාව(dengue antigen test )කළ යුතුය.

වෛද්‍ය ප්‍රෙමිල් හෙට්ටිරච්චි

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය

1815-1948 අතර දශක ගණනාවක් අපරට ඉංග්‍රීසි පරිපාලනයට නතු වූ වකවානුවක් විය. රමේ මාර්ග පද්ධති වගේම විවිධ වූ නගර තම අවශ්‍යයතා මත දියුණු කිරීමට වගේම අළුතින් ආරම්භ කිරීමට ඔවුන් පෙළඹුනේ මෙම වකවානුව තුලදීය. ඔවුන් විසින් හදුන්වා දුන් අපනයන බෝග මෙරටට ගෙන එමට තේ, පොල්, රබර් වැනි අපනයන බෝග නැවත කොළඹට ගෙන යාමට, මාර්ග පද්ධතිය වගේම දුම්රිය මාර්ග පද්ධතීන් ද ඔවුන් විසින් එකල ස්ථාපිත කරන ලදී. එහෙයින් මෙම මාර්ග පද්ධතියේ පුරෝගාමී මෙහෙවරක් ඔවුන් විසින් සිදු කර ඇත. එදා මෙදා නිදහස් ශ්‍රී ලංකාවක් තුල එකල බිහි වූ මාර්ග සංස්කෘතිය දික් විජය කරමින් නව මංමාවත් වගේම අධිවේගී මාර්ගද මෙරට මාර්ග පද්ධතියට අළුතින් බිහි වීම වර්තමානයේ විශේෂත්වයයි. මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපල, මාතර සිට ඉදිවන දුම්රිය මාර්ගය වර්තමාන සංවර්ධනයේ නව අත්දැකීම්ය.

මේ අතරින් 2011.11.27 ආරම්භ වූ දක්ෂිණ අධ්වේගී මාර්ගය මෙරට කැපී පෙනෙන සංවර්ධන කටයුත්තක්ය. මෙය 124.5 කී.මී සමන්විතය. එය බස්නාහිර පලාතේ කොට්ටාව සිට දකුණු පලාත් මාතර ගොඩගම දක්වා විහිදී ඇත. මෙය රටේ ප්‍රධාන වශයෙන් සංචාරක ව්‍යාපාරය අලලා බිහි වී ඇත. අළුත්ගම, හික්කඩුව, ගාල්ල, උනවටුන ආදී මුල්කොට ගත් මෙරට සංචාරක කර්මාන්තයේ මධ්‍යස්ථානය වෙත මෙම තුලින් ඉතා කඩිනමින් ලගාවිය හැක. තවද දකුණු පලාතේ තේ කර්මාන්තයටද, කොග්ගල අපනයන වෙළද කලාපයටද මෙම මගින් කඩිනම් හා පහසු සේවාවල් ලබාගත හැක. මංතීරු හතරකින් සමන්විත මෙය කොට්ටාව සිට කඩවත දක්වා මේ වන විට පුළුල් වී ඇති අතර ගොඩගම සිට හම්බන්තොට දක්වා මේ වන විටත් ව්‍යාප්ත කරමින් පවතිනු ඇත. තම දෛනික කටයුතු සදහා සිය රථයෙන් ඔබ මෙම දක්ෂිණ අධ්වේගී මාර්ගයට පිවිසුන විට, කොට්ටාව සිට කඩවතටද ඒ වගේම කොට්ටාව සිට ගොඩගම දෙසටද ගමන් කරන විට ඔබට පහත සදහන් ඇතුළුවීමේ හා පිටවීමේ අන්තර් හුවමාරු පිළිබද දැන හදුනා ගැනීම ඔබගේ ගමනාන්තයට හෝ ගමනාරම්භය ගැන පෙර අවබොධයක් ලබාගත හැක.

කොට්ටාව සිට කඩවත

නගරය දුර ප්‍රමාණය
කොට්ටාව 0 Km
අතුරුගිරිය 5.1km
කොතලාවල 9.7KM
කඩුවෙල 11.9Km
කඩවත 18.9Km

 

තම රාජකාරි හා අවශ්‍යතාමත ඔබට ඔබගේ රථය මෙම ස්ථානවලින් ඇතුළු කිරීමට හො අධිවේගී මාර්ගය භාවිතා කරන අවස්ථාවක වම් ඉහත ස්ථාන භාවිතා කරමින් මාර්ගයෙන් පිටවිය හැක.

කොට්ටාව සිට ගොඩගම

නගරය දුර ප්‍රමාණය
කොට්ටාව 0 Km
කහතුඩුව 5.9Km
ගැලනිගම 13.9Km
දොඩන්ගොඩ 34.8Km
වැලිපැන්න 46.0Km
කුරුදු ගහ 67.6Km
බද්දේගම 79.3Km
පින්නදුව 95.3Km
ඉමදුව 107.5Km
කොක්මාදූව 115.5Km
ගොඩගම 124.3Km

 

නියමිත දුර ප්‍රමාණයන් අනුව නියමිත අනුපිළිවෙලට සදහන් කර ඇති ඉහත අන්තර් හුවමාරු වලදී තම අවශ්‍යයතා මත එම ස්ථාන ඔබට කිසිදු ගැටළුවකින් තොරව භාවිතා කල හැක.

අධිවේගී මාර්ග හුවමාරුව සහ ඒ හා සම්බන්ධ නගර

හුවමාරුව නගර
ගොඩගම අකුරැස්ස / මාතර
කොක්මාදූව තෙලිජ්ජවිල / වැලිගම
ඉමදුව ඉමදුව / කනන්කෙ / ගාල්ල / හබරාදුව
පින්නදුව උනවටුන / තල්පෙ / ගාල්ල / හික්කඩුව
බද්දෙගම හිනිදුම / නාගොඩ / බද්දෙගම / හික්කඩුව
කුරුදුගහ අම්බලන්ගොඩ / බටපොල / ඇල්පිටිය
වැලිපැන්න මතුගම / අලුත්ගම
දොඩන්ගොඩ මතුගම / කළුතර
ගැලනිගම පානදුර / හොරණ
කහතුදුව කෑස්බැව / පිළියන්දල / හොරණ
කොට්ටාව මහරගම / හෝමාගම
අතුරුගිරිය මාලබේ / බත්තරමුල්ල
කොතලාවල මාලබේ / තලන්ගම / කඩුවෙල
කඩුවෙල කොළඹ / කඩුවෙල
කඩවත කඩවත / නුවර සහ කොළඹ මාර්ග

Author : Kelum Guruge

ප්‍රතිජීවික ඖෂධ (Antibiotics) භාවිතය ඉතා පරිස්සමින්

බොහෝ දෙනෙක් ප්‍රතිජීවික ඖෂධ යන වචනය අසා ඇතත් බොහෝමයක් එහි අර්ථය නොදනී.  ප්‍රතිජීවික ඖෂධයක් යනු අපට රෝග ඇති කරන ක්ෂුද්‍රජීවීන් (Bacteria) විනාශ කිරීමට හෝ මර්ධනය කිරීමට භාවිතා කරන ඖෂධයකි.

විවිධ නම් වලින් විවිධ කාණ්ඩ යටතේ මෙම ප්‍රතිජීවික ඖෂධ ලබාගත හැක.  උදාහරණයක් ලෙස, ඔබ බහුලව අසා ඇති Amoxicilin,Cloxacilin,Ciprofloxacin,Azithromycin  යනාදී වශයෙන් බොහෝමයක් ප්‍රතිජීවික ඖෂධ ඇත.

 

ඔබ ප්‍රතිජීවික ඖෂයක් භාවිතා කල යුත්තේ ඇයි?

රෝග කාරක විෂබීජයක් ශරීරගත වී අපට යම් යම් රෝගාබාධ ඇති වූ විට ඔබේ වෛද්‍යවරයා විසින් මෙම ප්‍රතිජීවික ඖෂධ වර්ග ලබා දේ.

උදාහරණයක් ලෙස සිරුරේ ඇති වන තුවාල වියළිම සඳහා, මුත්‍රා පැසවූ විට, නිව්මෝනීයාව වැනි රෝග තත්වයන් ඇති වු විට මෙවැනි ප්‍රතිජීවික ඖෂධ වෛද්‍යවරයා විසින් ඔබට නිර්දේශ කරයි.

ඒසේම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගිය විට වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධ අතර ප්‍රතිජීවික ඖෂධ ඇත්දැයි අසා දැන ගැනීම ඉතාම වැදගත්ය.

 

ප්‍රතිජීවික ඖෂධ නියමිත මාත්‍රාවෙන් නියමිත වේලාවට නියමිත දින ගණන නිවැරදිව ගත යුතුය.

බොහෝමයක් රෝගීන් නොදැනුවත් කම නිසා ප්‍රතිජීවික ඖෂධ අනිසි ලෙස භාවිතා කරයි.  එනම් නියමිත මත්‍රාව නොගැනීම හෝ නියමිත වේලාවට නොගැනීම හෝ රෝගය සුව වීමට පටන් ගන්නා මුල් අවස්ථාවේදීම ඖෂධය ගැනීම නතර කිරීම සිදු කරයි.  මෙහිදි සිදු වන්නේ රෝගකාරක විශබීජ ප්‍රතිජීවික ඖෂධවලට හුරුවීමෙන් ප්‍රතිරෝධී තත්වයන් ඇති වීමයි.  එසේ වූ විට කාලයක් ගත වන විට එම රෝග කාරක විෂ බීජ එම ප්‍රතිජීවික ඖෂධය මගින් මර්ධනය කිරීමට නොහැකි වීමයි.  එමගින් ඔබේ රෝගය නිසියාකාරව සුව නොවන අතර අනිසි ප්‍රතිඵල අත්කර දෙයි.

එම නිසා ප්‍රතිජීවික ඖෂධයක් ඔබ ගන්නේ නම් වෛද්‍ය උපදෙස් මත නියමිත මත්‍රාව නියමිත වේලාවට නියමිත දින ගණන ගැනීම ඉතා වැදගත්ය.

 

කිසිදිනක වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව ප්‍රතිජීවික ඖෂධ භාවිතා නොකරන්න.

සමහර රෝගීන් ප්‍රතිජීවික ඖෂධ තමන්ට රිසි අයුරින් භාවිතා කිරීමට පෙළබී ඇත.  එය ඉතාමත් අනුවණ ක්‍රියාවකි.  රෝගියාට අවශ්‍ය ප්‍රතිජීවික ඖෂධ තීරණය කල යුත්තේ වෛද්‍යවරයෙකු විසිනි.  එනම්, එකම රෝගයට වුවත් රෝගියාගේ ස්වභාවය අනුව ප්‍රතිජීවික ඖෂධ වෙනස් විය හැකිය.  එනිසා නොගැලපෙන ප්‍රතිජීවික ඖෂධයක් භාවිතා කිරීම මගින් රෝගය සුව නොවන අතර ඉහතින් සඳහන් කල ගැටලුද ඇති විය හැක.

මීට අමතරව ප්‍රතිජීවික ඖෂධ යනු අසාත්මිකතා(Allergic)ඉතා ඉක්මනින් ඇති විය හැකි ඖෂධ වර්ගයකි.

එනිසා එවැනි ආසාත්මිකතාවයන් ඇති වූ විට එම ප්‍රතිජීවික ඖෂධ නැවත කිසි දිනක නොගත යුතුය.  එසේ ගතහොත් ඔබේ ජිවීතය පවා අනතුරට ලක් විය හැක.  එනිසා කිසිදිනක ඔබ වෛද්‍ය නිර්දේශයකින් තොරව තමාට රිසි පරිදි ප්‍රතිජීවික ඖෂධ භාවිතා නොකිරීමට සිහි තබාගත යුතුය.

 

ප්‍රතිජීවික ඖෂධ පරිසරයට මුදා නොහරින්න.

ඔබ භාවිතා නොකරන ලද හෝ ඉතිරි වී ඇති ප්‍රතිජීවික ඖෂධ ඇතොත් පුළුස්සා විනාශ කරන්න.  එසේ නොමැතිව හිතුමතේ පරිසරයට මුදාහැරී විට පරිසරයේ ඇති රෝගකාරක විෂබීජ එම ප්‍රතිජීවික ඖෂධට අර්ධ වශයෙන් නිරාවරණය වීම නිසා ප්‍රතිරෝධි තත්වයක් ඇති වී එම ඖෂධය ඉදිරි කාලයේදී භාවිතා කිරීමේ දී ප්‍රතිඵල දායක නොවනු ඇත.

ප්‍රතිජීවික ඖෂධයක් අළුතින් නිපද වීමට විශාල කාලයක් ගත වන බැවින් අළුත් ප්‍රතිජීවික වර්ග නිපදවීම පහසු කාර්යක් නොවේ.

දැනට පවතින ප්‍රතිජීවික ඖෂධ ඉහත පරිදි නිසියාකාරව භාවිතා කිරීම තුලින් නිසි ප්‍රතිඵල ලබා ගත හැකිවන අතර එය ඔබගේ අනාගත පරම්පරාවට ද සිදුකරන යහපත් ක්‍රියාවකි.

 

 


Author :
Dr. Premil Hettiarachchi – Karapitiya

සියල්ල අනියත යන ධර්මය පසක්කල සුනාමිය

සකල ලෝවාසින්ට එදා බියකරු වු අමිහිරි දිනයකි.ඒ විතරක් නොව මුළු මහත් ශ්‍රී ලංකික අපට කිසිදා අමතක නොවන අමිහිරි දිනයකි.මිනිසුන් වශයෙන් අපසැම ජීවිතයේ කිසිදා අත් නොවූ නොවු විරූ ඒ මහා ඛේදවාචකය සිදු වීදැනට වසර දාහතරකි.ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසබඩ 2004.12.26 වන දින හටගත් භූ කම්පනයක් නිසා ඉහලට නැගුණු මහා සමුදුර රට රාජ්‍යවල් යටකරමින්, ගොඩනැගිලි සුන් බුන් බවට පත් කරමින්, ජාතිභේද ආගම් භේද කිසිවක් නොසලකමින් මහ පොළව කඳුලින් තෙමාහල ඒ යෝධ ජල කදම්භයේ නම “ත්සුනාමියයි”.
සිතක් පපුවක් උනුවන හදවතක් නැති ඒ දළ රළ පෙළ මිනිසුන් තම ගොදුරක් බවට පත්කරගන්නේ කිසිදු නම් සමාවක් නොදීමය.  ජීවත් වීම උදෙසා නිතර මහමුහුද හා අරගල කරන ඔරුපාරු වලට තම ජීවය සවිබල යොදන අසරණයින් වාගේම, සිය පොල් අතු පැලේ කිරිදෙලෙන් පසු වුන කිරි පැටවුන්ද, උදැසන කුසට අහරක් ගන්නා කුඩා දරුවන්ද, පිඟාන කෝප්පය තුරුළුකරගෙනම ඒ අවසන් ගමන ගියේ මිහිපිට මනුස්ස වර්ගයාට පාන්සකූලය දීමට සිය සිරුරවත් සොයාගැනීමට නොහැකි වන පරිදිය.  මලවුන්ගේ තුරුලට ඔවුන් රොද බැදගෙන එසේ යද්දි ජීවත් වීමට වරම් ලද අතලොස්සක් වූ සූනීත සෝපාකලා වගේම පටාචාරවුන්ද මේ අහස පොළොව යට සක්මන් කලේ එදා දෙව්රම් ව‍ෙහෙර සොයමින් ඇවිද ගිය පටාචාරාවන් ලෙසින්ය.  එහෙත් දසදහස් ගණන් සූනීතසෝපාකලාට එදා දෙව්රම හමු නොවීය.
තම අසරණකම ඇසීමට හෝ දැක බලා ගැනීමට ඍද්ධි බලයෙන් හෝ කිසිවෙකුත් ඔවුන් සොයා නොආවාය.  හිස් අතින් ඒ මේ අත ඇවිද ගිය ඔවුන් ඉල්ලා සිටියේ නැතිවු තම දේපල ධනය මිළමුදල් නොව නැති වූ තම දෙමාපියන්ය, නැති වූ තම දරුවන්ය, නැති වූ තම ඥාතීන්ය.  ඔවුන්ද නොපැමිනි කල ඔවුන් ඉල්ලුවේ කුසට අහරක් පමනය,  බීමට දිය බිදක් පමනය.වෙන කිසිවක් ඔවුන් නොදන්නේය.අස්ථීර බව ඔවුන් අත් වින්දාය.සියල්ල අත්හැලයුතු බව ඔවුන් අත් වින්දාය.  සියල්ල අවබෝධ කර ගත් බොහෝ බුද්ධිමත්හු සියල්ලම දන් දී පිං කරහ.  ඔවුන් සියල්ල අත්හල යුතු බව වටහා ගද්දි අනුන්ගේ දේ උදුරා කඩාවඩා ගනිමින් ඇතැමුන් ඇලීඑල්ලී ආශාවන් ප්‍රදර්ශනය කලහ. එහෙත් සත්‍ය වටහා ගත් ඇතැමුන් මෙම අනියත බව කියු සනාථ ධර්මය වටහා බෝධිසත්ව ක්‍රියාකාරකම් පෙන්වා වදාලහ.
මිහිකතගේ දරුවන්ගේ කඳුළු දුක් සුසුම් මිහිකත දෙසටම කඩාවැටෙන විට ඒ ඒ දරුවන්ගේ මල මිනී මිහිකත තුලම මිහිදන් වන විට මිහිකතද කම්පා නොවුවා නොව, මිහිකත මේ සියල්ල සමසේ දරා සිටින්නාසේම අපද මෙම තාවකාලික නවාතැන්පල කිනම් වූ හේතුවක් නිසා හෝ යම් මොහොතක අත්හල යුතුය.  සියල්ල අත් හල විට ඉතිරිය නම් “මරණයයි”.  එනම් ඒ ඉරණම් ගමන අප මොහොතක යනු ඇත.  කොයි මොහොත හෝ පැමිණෙනු නිසැකය.  සුනාමිය පැමින පැවසු දහම එය නොවේ ද?  එබැවින් අප නොපමාව කුමක් කල යුතුද?  එය ඔබගේ ධාරණ මණ්ඩලය තුලින් වටහා ගත යුතුය.

Author : Kelum Guruge