2
1
previous arrow
next arrow
2
1
previous arrow
next arrow

Find Businesses In Bata Atha Farm
  • English


බටඅත ගොවිපළ

මාතර-කතරගම මාර්ගයේ කිලෝමීටර් 53ක් පමණ දුර ගමන් කරද්දී රන්න සහ හුංගම නගර දෙක අතර හමුවෙන බට අත කෘෂි තාක්ෂණ උද්‍යානය සහ ගොවිපල දේශීය කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ඇල්මක් දක්වන මෙන්ම අපූරු ගොවිපළක ජීවමාන අත්දැකීමක් විඳින්නට කැමති ඕනෑම සංචාරකයෙක්ට බොහොම වැදගත් තැනක්.

ප්‍රධාන මාර්ගය ආසන්නයේම පිහිටා තිබෙන බටඅත ගොවිපලට පිවිසෙන්නට තිබෙන්නෙත් බොහොම සුන්දර වටපිටාවක් මැදින්. එක් පැත්තකින් බටඅත කුඩා වැව සහ ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශයක් මැද්දේ නිර්මාණය වෙලා තිබෙන ගොවිපලේ අක්කර සිය ගණනක් පුරා විවිධ වර්ගයේ බෝග වගා කරලා ඵලදාව ලබනවා. ඒ සමහරක් බෝග කාබනික වගාවන් විදිහට ප්‍රචලිත කරන ඒවා.

ඒ වගේම ලංකාවේ වියලි කලාපීයව වගාකරන්නට අමාරු ඇතැම් බෝග වර්ග බටඅත පර්යේශකයන් විසින් ඉතා හොඳින් වගාකරමින් ඉන්නවා දකින්නට පුළුවන්. ගස් පුරාම ඵලදාව පිරී ඉතිරී තිබෙන සුන්දර දසුන් වලින් බටඅත බොහොම පොහොසත්. මෙහි තිබෙන ඇතැම් පළතුරු සහ එළවළු වර්ග සංචාරක ඔබට රසවිඳින්න පවා අවස්ථාව ලැබෙනවා.

විශේෂයෙන්ම යෝධ කාබරන්කා, ඩ්‍රැගන්පෘට් වගේ පළතුරු මෙහිදි රසවිඳින්න ඔබට පුළුවන්. රන්න ආශ්‍රිත කලාපය කොහොමත් කෙසෙල් වලට ප්‍රසිද්ධයි, ඒ නිසාම බටඅත ගොවිපළේ විශේෂ කොටසක් කෙසෙල් වගාව සඳහා වෙන්වෙලා තිබෙනවා.

ඒ විතරක්ම නෙවෙයි පළතුරු සහ එළවලු පැළ මෙන්ම පොහොර වර්ගත් ඉතා සාධාරණ මිළකට බටඅත ගොවිපලේදී මිලට ගන්නට ඔබට හැකියාව ලැබෙනවා. කතරගම වන්දනාවේ යන සහ තිස්ස, යාල සංචාරයේ යන බොහෝ දෙනෙක් බටඅත නතරවෙන්න අමතක කරන්නේ නෑ.

බටඅත ගොවිපලේ පිවිසුම අසලම ඇති හෙළ බොජුන් අලෙවිසැල පරිසර හිතකාමී සහ සෞඛ්‍ය සම්පන්න දේශීය ආහාර ඉතා අඩු මිළකට සංචාරකයන්ට එම ස්ථානයේදීම සකස් කර අලෙවිකරනවා. රොටි, කිරිබත්, පිට්ටු, තලප වගේම කොළකැඳ, පළතුරු යුෂ, බෙලිමල් විතරක් නෙවෙයි වැලිතලප,කැවුම්,කොකිස් වගේ දේවල් පවා මෙහි අලෙවි කෙරෙනවා.

සංචාරකයන් බොහෝ දෙනෙක් මෙතන නතර වෙන්න තවත් හේතුවක් තමයි මේක. බටඅත ගොවිපල පුරා ඉතා සංයමයෙන් සහ අධ්‍යයනය කරමින් සැරිසරන්න අඩුම තරමේ පැය දෙකක් වත් අවශ්‍යයි. ඒ නිසා වෙනත් හදිසි ගමනක් අතරතුරේනම් බටඅත බලන්න නොයන එක වඩා හොඳයි. ඒ වෙනුවට උදේ හරි හවස හරි වරුවක් වෙන්කරගෙන කතරගම යන ගමන්ම බටඅත ඇවිදලා, ආහාර රස විඳලා, පළතුරු, එළවලු එහෙම අරගෙන යන්න පුළුවන්නම් තමයි වඩාත් හොඳ.