අපගේ ශරීර උශ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළගිය ව්ට එනම් (37.5c/99.5F ට වැඩි වු විට )උණ ලෙස හදුන්වනු ලැබේ. උණ රෝගයක් නොවේ. බොහෝ දෙනෙක් එය රෝගයක් ලෙස සිතුවත් එය රෝග ලක්ෂණයක් පමණකි. එනම් අපගේ ශරීර අභ්‍යන්තරයේ හටගන්නා රෝගයක මතුපිටට පෙනෙන එක් රෝග ලක්ෂණයක් ලෙස උණ හැදින්විය හැක.
උණ හටගන්නේ ඇයි……..?
උණ නිසා ශරීර අභ්‍යන්තරය අධිකව ක්‍රියාකරී වෙයි. එවිට ශරීර උෂ්ණත්වය ඉහළ යැම නිසා උණ හට හනී. බහුල වශයෙන් උණ හටගන්නේ සෙම්ප්‍රතිෂාව වැනි වෛරස් ආසාදන නිසාය. මීට අමතරව මුත්‍රා පැසවූ විට, තුවාලයක් ඇති වූ විට උණ හට ගනී.උණ ඇති වීමට හේතු බොහොමයක් සරල වුවත් නියුමොනියාව වැනි සංකීර්ණ රෝගී තත්වයන්හිදී මෙන්ම සමහර රුධිරය ආශ්රිත පිළිකා තත්වයන්හිදී ඔබගේ දරුවාට උණ වැළදිය හැක. එමනිසා දරුවාට නිතර නිතර උණ සෑදේ නම් හො දිගට පවතින උණක් ඇති නම් ඉතාමත් සැළකිලිමත් විය යුතුය.
දරුවාට උණ සෑදුන විට ඔබ කළ යුතු දෑ සහ නොකළ යුතු දෑ කවරේද………
කළ යුතු දෑ
උෂ්ණත්වමානයක් උපයෝගී කරගෙන උණ ඇති දැයි නිවැරදිව තහවුරු කරගන්න.
දරුවාට සැහැල්ලු ඇඳුමක් අන්දවන්න.
උණ ගොඩාක් වැඩි (100F) දරුවාහේ ඇඳුම් සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කරන්න.
තෙත රෙදි කබැල්ලක් ගෙන කිහිළි, ඉකිළි සහ නළල තෙමන්න.
දරුවා සිටින කාමරයේ උෂ්ණත්වය අඩුවන සේ ජනේල සහ දොරවල් විවෘත කරන්න.
විදුලි පංකාවක් ක්‍රියාත්මක කරන්න.
වැඩිපුර දියර වර්ග දරුවාට ලබා දෙන්න. මෙමගින් උණ නිසා ඇති වන විජලනය අඩු වෙයි. උණ අඩුවීමටද එය උපකාරී වෙයි.
දිරවීමට පහසු සැහැල්ලු ආහාර පමණක් ලබා දෙන්න.
දරුවාගේ බර අනුව පැරසිටමෝල් මාත්‍රාවක් ලබා දෙන්න.
පැය 24 ට වඩා දරුවාට උණ පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.බිළිඳු දරුවෙක් නම් හෝ උණ අධික ලෙස පවතී නම් එනම් 104 ට වැඩි නම් පළමු දිනයේම වෛද්‍ය වරයකු හමුවිය යුතුය.
උණ සමඟ දරුවාට පහත රෝග ලක්ෂණ පවතී නම් ඉතා ඉක්මනින්ම වෛද්‍යවරයකු හමුවිය යුතුය.
මුත්‍රා දැමීමේ අපහසුතාව සමග මුත්‍රා දැවිල්ල
හිසේ තෙල්වල ප්‍රදේශය ඉහලට නෙරා තිබීම
නොකළ යුතු දෑ
වෛද්‍යවරයකු හමු නොවී දරුවා නිවසේ තබාගෙන අත්බෙහෙත් ආදී තමන්ට රිසි ප්‍රතිකාර කිරීම.
දරුවාට අධික ලෙස රෙදි පොරවා තැබීම.
ශරීරය වෙහෙසවන ක්‍රියාවල යෙදවීම.
පැරසිටමෝල් මාත්‍රාවක් ලබාදී නියමිත කාලය ගතවීමට පෙර නැවත මාත්‍රාවක් ලබා දීම.
උණ වළිප්පුව සෑදුනවිට යම් යම් ලෝහ කැබලි හෝ නොයෙක් ද්‍රව්‍ය දරුවාගේ මුඛයට ඇතුලුකිරීමට උත්සාහ කිරීම.
ප්‍රතිකාර ගැනීමෙන් පසුවත් උණ දිගට පවතී නම් ඔබ කළ යුත්තේ කුමක්ද…..
වෛද්‍යවරයා ලබා දෙන ප්‍රතිකාර නිසි පරිදි ගැනීම ඉතාම වැදගත් වේ.ප්‍රතිකාර නියමිත පරිදි ගත්තද උණ අඬු නොවේ නම් නැවත වෛද්‍යවරයා හමුවී නැවත දරුවා පරීක්ෂා කරගන්න.
මූලික රුධිර පරීක්ෂණ (එනම් FBC,CRP )සමඟ මුත්‍රා පරීක්ෂාවක් (UFR)කළ යුතුය.
ඩෙංගු උණ යැයි ඔබට සැකයක් ඇති නම් හෝ වෛද්‍යවරයා එසේ පැවසුවහොත් ඩෙංගු සඳහා ඇති විශේෂිත රුධිර පරීක්ෂාව(dengue antigen test )කළ යුතුය.
වෛද්‍ය ප්රෙමිල් හෙට්ටිරච්චි