සකල ලෝවාසින්ට එදා බියකරු වු අමිහිරි දිනයකි.ඒ විතරක් නොව මුළු මහත් ශ්‍රී ලංකික අපට කිසිදා අමතක නොවන අමිහිරි දිනයකි.මිනිසුන් වශයෙන් අපසැම ජීවිතයේ කිසිදා අත් නොවූ නොවු විරූ ඒ මහා ඛේදවාචකය සිදු වීදැනට වසර දාහතරකි.ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසබඩ 2004.12.26 වන දින හටගත් භූ කම්පනයක් නිසා ඉහලට නැගුණු මහා සමුදුර රට රාජ්‍යවල් යටකරමින්, ගොඩනැගිලි සුන් බුන් බවට පත් කරමින්, ජාතිභේද ආගම් භේද කිසිවක් නොසලකමින් මහ පොළව කඳුලින් තෙමාහල ඒ යෝධ ජල කදම්භයේ නම “ත්සුනාමියයි”.
සිතක් පපුවක් උනුවන හදවතක් නැති ඒ දළ රළ පෙළ මිනිසුන් තම ගොදුරක් බවට පත්කරගන්නේ කිසිදු නම් සමාවක් නොදීමය. ජීවත් වීම උදෙසා නිතර මහමුහුද හා අරගල කරන ඔරුපාරු වලට තම ජීවය සවිබල යොදන අසරණයින් වාගේම, සිය පොල් අතු පැලේ කිරිදෙලෙන් පසු වුන කිරි පැටවුන්ද, උදැසන කුසට අහරක් ගන්නා කුඩා දරුවන්ද, පිඟාන කෝප්පය තුරුළුකරගෙනම ඒ අවසන් ගමන ගියේ මිහිපිට මනුස්ස වර්ගයාට පාන්සකූලය දීමට සිය සිරුරවත් සොයාගැනීමට නොහැකි වන පරිදිය. මලවුන්ගේ තුරුලට ඔවුන් රොද බැදගෙන එසේ යද්දි ජීවත් වීමට වරම් ලද අතලොස්සක් වූ සූනීත සෝපාකලා වගේම පටාචාරවුන්ද මේ අහස පොළොව යට සක්මන් කලේ එදා දෙව්රම් වෙහෙර සොයමින් ඇවිද ගිය පටාචාරාවන් ලෙසින්ය. එහෙත් දසදහස් ගණන් සූනීතසෝපාකලාට එදා දෙව්රම හමු නොවීය.
තම අසරණකම ඇසීමට හෝ දැක බලා ගැනීමට ඍද්ධි බලයෙන් හෝ කිසිවෙකුත් ඔවුන් සොයා නොආවාය. හිස් අතින් ඒ මේ අත ඇවිද ගිය ඔවුන් ඉල්ලා සිටියේ නැතිවු තම දේපල ධනය මිළමුදල් නොව නැති වූ තම දෙමාපියන්ය, නැති වූ තම දරුවන්ය, නැති වූ තම ඥාතීන්ය. ඔවුන්ද නොපැමිනි කල ඔවුන් ඉල්ලුවේ කුසට අහරක් පමනය, බීමට දිය බිදක් පමනය.වෙන කිසිවක් ඔවුන් නොදන්නේය.අස්ථීර බව ඔවුන් අත් වින්දාය.සියල්ල අත්හැලයුතු බව ඔවුන් අත් වින්දාය. සියල්ල අවබෝධ කර ගත් බොහෝ බුද්ධිමත්හු සියල්ලම දන් දී පිං කරහ. ඔවුන් සියල්ල අත්හල යුතු බව වටහා ගද්දි අනුන්ගේ දේ උදුරා කඩාවඩා ගනිමින් ඇතැමුන් ඇලීඑල්ලී ආශාවන් ප්‍රදර්ශනය කලහ. එහෙත් සත්‍ය වටහා ගත් ඇතැමුන් මෙම අනියත බව කියු සනාථ ධර්මය වටහා බෝධිසත්ව ක්‍රියාකාරකම් පෙන්වා වදාලහ.
මිහිකතගේ දරුවන්ගේ කඳුළු දුක් සුසුම් මිහිකත දෙසටම කඩාවැටෙන විට ඒ ඒ දරුවන්ගේ මල මිනී මිහිකත තුලම මිහිදන් වන විට මිහිකතද කම්පා නොවුවා නොව, මිහිකත මේ සියල්ල සමසේ දරා සිටින්නාසේම අපද මෙම තාවකාලික නවාතැන්පල කිනම් වූ හේතුවක් නිසා හෝ යම් මොහොතක අත්හල යුතුය. සියල්ල අත් හල විට ඉතිරිය නම් “මරණයයි”. එනම් ඒ ඉරණම් ගමන අප මොහොතක යනු ඇත. කොයි මොහොත හෝ පැමිණෙනු නිසැකය. සුනාමිය පැමින පැවසු දහම එය නොවේ ද? එබැවින් අප නොපමාව කුමක් කල යුතුද? එය ඔබගේ ධාරණ මණ්ඩලය තුලින් වටහා ගත යුතුKelum Guruge