Acid rain
අම්ල වැස්ස

මේ දිනවල අපි දන්නවා ලංකාවට ආසන්න මුහුදේ කොළඹ වරායට නුදුරින් නැවක් ගිනිගෙන දැවෙමින් තිබෙනව,ඇත්තටම මේකෙන් වෙන බලපෑම මෙන්ම පාරසරික ගැටළු ගැන අප බොහෝ දෙනෙක් දැනුවත් නෑ,මෙහිදී නැවෙන් කාන්දුවෙන තෙල් ,රසායන ද්‍රව්‍යය වගේම ප්ලාස්ටික් කොටස් ජලයට එකතු වෙනව,ජලජ ජීවීන් මෙන්ම අවට මුහුදු පුදේශය මේ නිසා විශාල වශයෙන් හානියට පත් වෙනව,මේ අතරින් විශාලම පාරසරික හානිය තමයි මෙම කාන්දුවන රසායනික ද්‍රව්‍යය මුුහුදු ජලයට එකතුවීමෙන් ඇතිවෙන ආම්ලික වැසි නොහොත් Acid rain. මෙයින් පරිසරයට මෙන්ම ජීවීන්ගේ පැවැත්මටද අතිශයින් හානි කරනව,මුලින්ම මේ ආම්ලික වැසි ඇතිවීමට හේතුව අපි බලමු,අපි දන්නව මේ නැව රසායනික ද්‍රව්‍යය සහ රූපලාවන්‍යය ද්‍රව්‍යය ප්‍රවාහනය කරමින් තිබුන බව,මෙහි අන්තර්ගත රසායනික ද්‍රව්‍යය අතර HNO3 (Nitric acid/නයිට්‍රික් අම්ලය) සංචිතයද ගිනිගැනීමට හසුවෙලා තිබෙනව. ඒ සමගම වායුගෝලයට NO2 වායුව එකතුවීමක් සිදුවෙනවා.
 
මේහා සමගම ඇතිවන වැස්ස ආම්ලික ස්වභාවයක් ගන්නව සාමාන්‍යය වැස්සක් උනත් යම් ප්‍රමාණයකින් ආම්ලිකයි හැබැයි ඒ CO2 වැසි ජලයේ දියවීමෙනුයි,නමුත් ආම්ලික වැස්සක H2SO4, HNO3 වගේ ප්‍රබල අම්ල වැසි ජලයේ දියවිම නිසා එහි PH අගය 4.5-5.0 අගයක් ගන්නව
 
හොඳට මතක තියා ගන්න මේ අම්ල වැසි අපිට අඳුරගන්න ගොඩක් අමාරුයි,වැස්සට නිරාවරණය වීමෙන් තමයි මේකේ වෙනස අපිට දැනගන්න පුලුවන් වෙන්නේ.
 
ඉතිං අපි මේ දිනවල ගොඩක් පරිස්සම් වෙන්න ඕන,නිවසේ පාවිච්චි කරන වාහන ,එලියේ හදලා තියෙන පොකුණු වල මත්ස්‍යයන් වගේ දේවල්,ආවරණයක් යොදා තිබෙන එක ගොඩක් වැදගත්.ඇයි ද කිව්වොත් මිනිස්සුන්ට වගේ සමේ ආසාදන වගේම රථවාහාන වැස්සට නිරාවරණය වීමෙන් මෙම අම්ල වල බලපෑම නිසා වර්ණය  අවපැහැ ගැන්වෙන්නත් පුළුවන්, මේ නිසා අපි මේ දවස්වල ටිකක් පරිස්සමෙන් ඉන්න බලමු.

ධනුෂ්ක පෙරේරා