ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය

1815-1948 අතර දශක ගණනාවක් අපරට ඉංග්‍රීසි පරිපාලනයට නතු වූ වකවානුවක් විය. රමේ මාර්ග පද්ධති වගේම විවිධ වූ නගර තම අවශ්‍යයතා මත දියුණු කිරීමට වගේම අළුතින් ආරම්භ කිරීමට ඔවුන් පෙළඹුනේ මෙම වකවානුව තුලදීය. ඔවුන් විසින් හදුන්වා දුන් අපනයන බෝග මෙරටට ගෙන එමට තේ, පොල්, රබර් වැනි අපනයන බෝග නැවත කොළඹට ගෙන යාමට, මාර්ග පද්ධතිය වගේම දුම්රිය මාර්ග පද්ධතීන් ද ඔවුන් විසින් එකල ස්ථාපිත කරන ලදී. එහෙයින් මෙම මාර්ග පද්ධතියේ පුරෝගාමී මෙහෙවරක් ඔවුන් විසින් සිදු කර ඇත. එදා මෙදා නිදහස් ශ්‍රී ලංකාවක් තුල එකල බිහි වූ මාර්ග සංස්කෘතිය දික් විජය කරමින් නව මංමාවත් වගේම අධිවේගී මාර්ගද මෙරට මාර්ග පද්ධතියට අළුතින් බිහි වීම වර්තමානයේ විශේෂත්වයයි. මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපල, මාතර සිට ඉදිවන දුම්රිය මාර්ගය වර්තමාන සංවර්ධනයේ නව අත්දැකීම්ය.

මේ අතරින් 2011.11.27 ආරම්භ වූ දක්ෂිණ අධ්වේගී මාර්ගය මෙරට කැපී පෙනෙන සංවර්ධන කටයුත්තක්ය. මෙය 124.5 කී.මී සමන්විතය. එය බස්නාහිර පලාතේ කොට්ටාව සිට දකුණු පලාත් මාතර ගොඩගම දක්වා විහිදී ඇත. මෙය රටේ ප්‍රධාන වශයෙන් සංචාරක ව්‍යාපාරය අලලා බිහි වී ඇත. අළුත්ගම, හික්කඩුව, ගාල්ල, උනවටුන ආදී මුල්කොට ගත් මෙරට සංචාරක කර්මාන්තයේ මධ්‍යස්ථානය වෙත මෙම තුලින් ඉතා කඩිනමින් ලගාවිය හැක. තවද දකුණු පලාතේ තේ කර්මාන්තයටද, කොග්ගල අපනයන වෙළද කලාපයටද මෙම මගින් කඩිනම් හා පහසු සේවාවල් ලබාගත හැක. මංතීරු හතරකින් සමන්විත මෙය කොට්ටාව සිට කඩවත දක්වා මේ වන විට පුළුල් වී ඇති අතර ගොඩගම සිට හම්බන්තොට දක්වා මේ වන විටත් ව්‍යාප්ත කරමින් පවතිනු ඇත. තම දෛනික කටයුතු සදහා සිය රථයෙන් ඔබ මෙම දක්ෂිණ අධ්වේගී මාර්ගයට පිවිසුන විට, කොට්ටාව සිට කඩවතටද ඒ වගේම කොට්ටාව සිට ගොඩගම දෙසටද ගමන් කරන විට ඔබට පහත සදහන් ඇතුළුවීමේ හා පිටවීමේ අන්තර් හුවමාරු පිළිබද දැන හදුනා ගැනීම ඔබගේ ගමනාන්තයට හෝ ගමනාරම්භය ගැන පෙර අවබොධයක් ලබාගත හැක.

කොට්ටාව සිට කඩවත

නගරයදුර ප්‍රමාණය
කොට්ටාව0 Km
අතුරුගිරිය5.1km
කොතලාවල9.7KM
කඩුවෙල11.9Km
කඩවත18.9Km

තම රාජකාරි හා අවශ්‍යතාමත ඔබට ඔබගේ රථය මෙම ස්ථානවලින් ඇතුළු කිරීමට හො අධිවේගී මාර්ගය භාවිතා කරන අවස්ථාවක වම් ඉහත ස්ථාන භාවිතා කරමින් මාර්ගයෙන් පිටවිය හැක.

කොට්ටාව සිට ගොඩගම

නගරයදුර ප්‍රමාණය
කොට්ටාව0 Km
කහතුඩුව5.9Km
ගැලනිගම13.9Km
දොඩන්ගොඩ34.8Km
වැලිපැන්න46.0Km
කුරුදු ගහ67.6Km
බද්දේගම79.3Km
පින්නදුව95.3Km
ඉමදුව107.5Km
කොක්මාදූව115.5Km
ගොඩගම124.3Km

නියමිත දුර ප්‍රමාණයන් අනුව නියමිත අනුපිළිවෙලට සදහන් කර ඇති ඉහත අන්තර් හුවමාරු වලදී තම අවශ්‍යයතා මත එම ස්ථාන ඔබට කිසිදු ගැටළුවකින් තොරව භාවිතා කල හැක.

අධිවේගී මාර්ග හුවමාරුව සහ ඒ හා සම්බන්ධ නගර

හුවමාරුවනගර
ගොඩගමඅකුරැස්ස / මාතර
කොක්මාදූවතෙලිජ්ජවිල / වැලිගම
ඉමදුවඉමදුව / කනන්කෙ / ගාල්ල / හබරාදුව
පින්නදුවඋනවටුන / තල්පෙ / ගාල්ල / හික්කඩුව
බද්දෙගමහිනිදුම / නාගොඩ / බද්දෙගම / හික්කඩුව
කුරුදුගහඅම්බලන්ගොඩ / බටපොල / ඇල්පිටිය
වැලිපැන්නමතුගම / අලුත්ගම
දොඩන්ගොඩමතුගම / කළුතර
ගැලනිගමපානදුර / හොරණ
කහතුදුවකෑස්බැව / පිළියන්දල / හොරණ
කොට්ටාවමහරගම / හෝමාගම
අතුරුගිරියමාලබේ / බත්තරමුල්ල
කොතලාවලමාලබේ / තලන්ගම / කඩුවෙල
කඩුවෙලකොළඹ / කඩුවෙල
කඩවතකඩවත / නුවර සහ කොළඹ මාර්ග

Author : Kelum Guruge